උණුසුම් පිළිගැනීමක්
"සෑම කෙනාවම වැළඳ ගන්නේ කවුද?"
අපගේ මිතුරු ස්ටීව්ට පිළිකාවක් සෑදී ඇති නිසා තමාට සභාවෙන් ටික කාලයකට ඈත්වී සිටීමට සිදුවන බව දන්නා බැවින් ඔහු ඇසූ ප්රශ්නය එයයි. ස්ටීව් සෑම කෙනාවම පිළිගන්නා කෙනෙකි. ඔහු මිත්‍රශීලී ලෙස පිළිගනී. අතට අත දෙයි. සමහර විට ශුද්ධ සිප ගැනීමක් කරයි. එය රෝම 16:16 අදාල කිරීමකි. එහි ඇත්තේ "ශුද්ධවූ සිඹීමකින් එකිනෙකාට ආචාර කරන්න" කියාය.
දැන් අපි ස්ටීව්ව…
පරිපූර්ණ පියාණෝ
සුපිරි වෙළඳ සැළක සිට පියවරුන්ගේ දිනයට සුදුසු කාඩ් පතක් සොයා ගැනීමට බොහෝ උත්සහ කළෙමි. කඩතොළුවූ සම්බන්ධතාවයකින් පසුව දැන් අප සම්බන්ධව සිටියද මාගේ පියාට මා සමීප වූයේ යයි මට කිසිදාක සිතී නැත.
"තමන්ගේ තාත්තලා සමඟ හරි සම්බන්ධතාවයක් නැති වුනත් හරි දේ කරන්න උත්සාහ කරන අයට කාඩ් හදන්නේ නැත්තේ ඇයි" කියා මා අසළ සිටි කාන්තාව මිමිණුවාය. ඇය අතෙහි තිබූ කාඩ් පත නැවත…
මුහුණු
අපගේ මිණිපිරිය වන සාරා අප මිය ගිය විට සිදුවන දෙය ඉතා කුඩා කාලයෙහි විස්තර කළාය. "ඔබගේ මුහුණු පමණක් ස්වර්ගයට යනවා. ඔබගේ ශරීරය යන්නේ නැහැ. ඔබට අලුත් ශරීරයක් ලැබෙනවා. නමුත් ඔබගේම මුහුණ තිබෙනවා".
සාරා සදාකාලික ජීවනය ගැන තේරුම් ගත් විදිහ කුඩා දරුවෙක්ගේ අදහසකි. නමුත් ඇය සදාකාලික සත්‍යය තේරුම් ගත්තාය. එක් අතකින් අපගේ මුහුණු නොපෙනෙන ආත්මයේ දෘශ්‍යමාන පැත්තයි.
කෝපයේ බැල්මක් මගේ මුහුණේ…
දෙවියන්වහන්සේ මට උත්තර නොදෙන්නේ ඇයි?
ඔබ දෙවියන්වහන්සේගෙන් යමක් ඉල්ලා ප්‍රතිචාරයක් නොලැබුණේ නම්, දෙවියන්වහන්සේ ඔබව ගණන් නොගන්නේ යැයි ඔබ සිතිය හැක. බයිබලයේ අසාප් වැනි අයටද මෙම ගැටළුව අර්බුදයක් වූ බව ඔබට පුදුමයක් වනු ඇත. ගීතාවලිය 77 අසාප්ගේ සිත් පත්ලෙන් ලියන ලද ගීතිකාවකි. එය ඉගෙනගැනීමෙන් ඔබ යාච්ඤාවේ ඇති වරප්‍රසාදය, පරමාර්ථය සහ බලය දැනගනු ඇත.
සත්‍යයෙන්
වරස ගණනාවකට පෙර මම රටවල් දෙකක දෙදෙනෙකු විවාහ වූ මංගල්‍ය උත්සවයකට සහභාගි වීමි. සංස්කෘතික දෙකක එවැනි සංකලණයක් අලංකාර විය හැකිය. නමුත් මෙම උත්සවයට කිතුණු චාරිත්‍ර සහ බොහෝ දෙවිවරුන් ඇදහූ ධර්මයක සිරිත් විරිත්ද මිශ්‍ර විය.
අනාගතවක්තෘ ශෙපනියා සත්‍ය දෙවියන්වහන්සේ සමඟ අන් ඇදහිලි මිශ්‍ර කිරීම හෙලා දැක්කේය. යුදා, සත්‍ය දෙවියන්වහන්සේට නමස්කාර කළද මොලෙක්ටද (ශෙපනියා 1:15) නමස්කාර කරන සෙනගක් බවට පත්වී තිබුණි. ශෙපනියා…